මේ වසරේ මාර්තු මාසයේ විශ්වවිද්‍යාලයයට ඇතුළු වන සිසුනට නවක වදය නොදීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමය හා අනෙකුත් ශිෂ්‍ය සංගම් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ජ්‍යෙෂ්ඨ සිසුන් සමග එකඟතාවයකට පැමිණි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න පැවැසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ උපකුලපති කාර්යාලයේ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
විශ්වවිද්‍යාලයයට ලබන මාර්තු මාසයේ ඇතුළු වන සිසුන් නවකවදය පිළිබඳව කිසිදු බියක් ඇති නොකරගත යුතු බවයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පසුගිය කාලයේ සිදු වූ නවක වද හේතුවෙන් කීර්තිනාමයට කැළැල් ඇති වූ බව පැවසූ ඒ මහතා එම තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමෙන් අනතුරුව ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡුා කොට මෙම එකඟතාවයට පැමිණි බව ද කීවේය.

