ඩයනා උදයංගනී
විශ්ව විද්‍යාලවල නවක වදය මේ වන විට මිලේච්ඡ හිංසනයක් බවට පත්ව ඇති බවත් ඉදිරියේදී ඊට එරෙහිව නවක වද පනත අනුව නීතිය තදින් ක‍්‍රියාත්මක කරන බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය.
නවක වද පනත අනුව මේ සම්බන්ධ වැරදි කරුවන්ට වසර 10ක සිර දඬුවමක් දක්වා නීතිය ක‍්‍රියාත්මක කළ හැකි බව කී අමාත්‍යවරයා ඉදිරියේදී එම නීතිය නිසි අයුරින් ක‍්‍රියාත්මක කරන ලෙස විශ්ව විද්‍යාලයන්ට මෙන්ම සියලූ පොලිස් ස්ථාන වෙත ද දැනුම් දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
විශ්ව විද්‍යාලවල ඇතැම් ජ්‍යෙෂ්ඨ සිසුන් ජ්‍යෙෂ්ඨ උත්තමයින් ලෙස තමන් හඳුන්වා ගනිමින් ගෝත‍්‍රිකයින් ලෙස හැසිරෙමින් මිලේච්ඡ ලිංගික හිංසන සහිතව ක‍්‍රියාත්මක කරන නවක වදය හේතුවෙන් බොහෝ සිසුන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැර වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.එසේම පීඩාවට පත්වන ඇතැම් සිසුන්ට මානසික වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට ද විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට සිදුව ඇතැයි ඇමති විජයදාස රාජපක්‍ෂ මහතා කියා සිටියේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා ශ‍්‍රවණාගාරයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ වන විට නවක වද සිද්ධීන් පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා 011 2123700 යනුවෙන් පැය 24 පුරා ක‍්‍රියාත්මක දුරකථන අංකයක් හඳුන්වා දී ඇති අතර හදිසි පැමිණිලි පිළිබඳ දැනුවත් කිරීම සඳහා ‘‘ඉමර්ජන්සි ඇප්‘‘ හඳන්වාදීමේ නියමු ව්‍යාපෘතියක් මේ වන විට ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ක‍්‍රියාත්මක බව ද සඳහන් කළේය.
මේ වන විට ඇතැම් දේශපාලන පක්‍ෂවල මැදිහත්වීම් හේතුවෙන් විශ්ව විද්‍යාලවල විනය පවත්වාගෙන යාම සම්බන්ධව බරපතල ගැටලූවක් මතු වී ඇති බව ද ඔහු කියා සිටියේය.
විරෝධතා සඳහා බස් රථ වෙන් කරගෙන කොළඹට පැමිණෙන විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් රුපියල් ලක්‍ෂ ගණනින් වියදම් කරන කණ්ඩායම් පිළිබඳව මේ වන විට යම් යම් තොරතුරු ලැබී ඇතැයි කී අමාත්‍යවරයා ඉදිරියේදී සාක්‍ෂි සහිතව එම අය කවුරුන්ද යන්න රටට හෙළි කරන බව ද කීවේය.
ශිෂ්‍ය නායකයින් කියමින් ශිෂ්‍ය විරෝධතා මෙහෙයවන ඇතැමුන් මේ වන විට විශ්ව විද්‍යාල සිසුන් නොවන බව කී අමාත්‍යවරයා ඔවුන් කටයුතු කරන්නේ ශිෂ්‍ය ගැටලූ විසඳීම වෙනුවෙන් නොව දේශපාලන අර්බුද නිර්මාණය කිරිමේ කුලීකරුවන් ලෙස බව ද ඇමතිවරයා සඳහන් කළේය.