නවක මන්ත්‍රීවරියන්ගේ පත්වීම නීත්‍යානූකූලයි - මැ.කෝ


රංජන් කස්තුරි

මහරගම නගර සභාවට නවක මන්ත්‍රීවරියන් 6 දෙනෙකු පත්වීම නීත්‍යානූකූල අයුරින් සිදු වී ඇතැයිද එහි කිසිදු ගැටළුවක් නැතැයිද මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා ‘‘ලංකාදීපයට‘‘ පැවසීය.

2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධිත) පනතින් සංශෝධිත පළාත් පාලන ආයතන ආඥා පනතට අනුව එම පත්කිරීම් සිදුකර තිබෙන බවද දේශප්‍රිය මහතා කීවේය.