නවක මන්ත්‍රිවරුන්ට අගමැති රතු එළිය දල්වයි


“ආණ්ඩු පක්ෂයේ වේවා විරුද්ධ පක්ෂයේ වේවා, අනිකුත් පක්ෂ වල වේවා තමන්ට  වැඩ කටයතු  කරන්න ජනතාව බලාපොරොත්තු වු පාර්ලිමේන්තුවක. ඒ නිසා අපට  විශේෂ වගකීමක් පැවරී  තිබෙනවා. පාර්ලිමේන්තුවට  අලුතින් තේරිපත් වු  මන්ත්‍රිවරුන් මේ වැඩමුළුවට  සහභාගි වනු ඇතැයි අපි  බලාපොරොත්තු වෙනවා” අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රිවරුන් දැනුවත් කිරිමේ වැඩමුළුවේදි පැවැසුවේය.”

“සැප්තැම්බර් 22දාට කලින් එහෙම සම්පුර්ණ වැඩසටහනක යෙදිලා නැත්නම් එන අවුරුද්දට ඒ මන්ත්‍රිතුමන්ලා වෙනුවෙන් විමධ්‍යගත අයවැයට මුදල් වෙන්කරන්න අප බලාපොරොත්තු වෙන්නේ නැතැයි ද අගමැති කීවේය.”

“ජන්ද දායකයා අප පාර්ලිමේන්තුවට  යැව්වේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු  කරන්න දී එය ඉටුකරන්න බැරිනම් විමධ්‍යගත අරමුදල් ලබාදිමේ කිසිදු ප්‍රයෝජනයක්  නැතැයි ද  වික්‍රමසිංහ මහතා පැවසීය.”  GLA_2370 GLA_2365

GLA_2374 GLA_2397 GLA_2434 GLA_2456