නව වසරට සෙත් පතා කුවේට්හි පිරිත් පිංකමක්


කුවේට්හි ශ්‍රී ලාංකික අවමංගල්‍යාධාර සමිතියට වසරක් පිරීම නිමිත්තෙන් 2018 නව වසරට සෙත් පතා පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් පිංකම, දාන, සීල, භාවනා ආගමික වැඩසටහන දෙසැම්බර් 28 හා 29 දෙදින කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගයෙන් පැවැත්වෙන පිංකම් මාලාවේ දී 28 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රියේ මහ පිරිත් සජ්ජායනාව පැවැත්වෙන අතර 29 වැනි සිකුරාදා සීල භාවනා වැඩසටහන පැවැත්වේ.