නව රස පරීක්ෂකවරිය වැඩ බාරගනී


රජයේ නව රස පරීක්ෂක සකුන්තලා තෙන්නකෝන් මහත්මිය බත්තරමුල්ල පැලවත්තේ ඉසුරු මාවතේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයයේ දී අද වැඩ බාර ගත්තේය.

අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ද මෙම අවස්ථාවට එක් විය.

නාරම්මල මයුරපාද විද්‍යාලයයේ ආදි ශිෂ්‍යාවක වන තෙන්නකෝන් මහත්මිය පේරාදෙනිය විශ්ව විද්‍යාලයයෙන් රසායන විද්‍යා විද්‍යාවේදී විශේෂ උපාධිය ගෞරව සහිතව සමත් වීමෙන් පසුව 1983 වර්ෂයේ දී සහකාර රස පරීක්ෂක වරියක ලෙස රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට බැඳුනාය.