අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දී සුළු වේලාවකින් ගාල්ල නගරයේ සිට වක්වැල්ල දෙසට යන මාර්ගයේ වසා තිබූ මං තීරුව විවෘත කැරිණි. පැවති රජයේ දේශපාලන බලපෑම් හේතුවෙන් මේ මාර්ගයේ වක්වැල්ල දෙසට ධාවනය වන මං තීරුව වසරකට වැඩි කාලයක් වසා දමා තිබිණි. එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත්වූ වහාම වක්වැල්ල මාර්ගයේ වසා ඇති මං තීරුව විවෘත කරණ බව වජිර අබේවර්ධන මහතා ගාල්ලේ ව්‍යාපාරිකයන්ට පොරොන්දු වී තිබිණි.



