නව මෝටර් රථ කොමසාරිස් තුෂාර


(යොහාන් භාසුර)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු මහතා අද (1) වැඩභරගත්තේය.

කොළඹ 05, ඇල්විටිගල මාවතේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පැවැති නිල රාජකාරි ආරම්භය කිරීමේ අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද සහභාගී විය.

කොළඹ , හුණුපිටිය ගාංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආගමික වතාවත් මධ්‍යයේ අභිනව කොමසාරිස් ජනරාල්වරයා සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය.

මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වැඩ බලන කොමසාරිස් ජනරාල් තාරක දේවප්‍රිය, එහි කොමසාරිස් (සංවර්ධන) විශාකා කුමාරගුරු, කොමසාරිස් (විමර්ෂණ) නිමාලිකා කුමාරි යන මහත්ම, මහත්මිහු ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරිහු රැසක් එක්ව සිටියහ.