(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවට අලුතින් පත්කෙරුණු මන්ත්‍රීවරු තිදෙනෙක් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා ඉදිරියේදී අද (17) දිවුරුම්දුන්හ.
ඩී.බී හේරත්, මනෝජ් සිරිසේන, ශාන්ත බණ්ඩාර මහත්වරු මෙලෙස නව මන්ත්‍රීවරුන් ලෙස දිවුරුම් දුන්හ.
කුරුණෑගල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා කේ.බී හේරත් මහතාත්, මාතර දිස්ත්‍රික් මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතාගේ මරණයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය සඳහා මනෝජ් සිරිසේන මහතාත් පත්කරනු ලැබ සිටින අතර ශාන්ත බණ්ඩාර මහතා දිවුරුම් දුන්නේ ඔහුගේම ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේය.

