(ඉන්දිකා රාමනායක)
ශි‍්‍ර ලංකා නාවික හමුදාවේ වශයෙන් වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (01) නාවික හමුදා මූලස්ථානයේ දී වැඩබාර ගත්තේය.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙන් රණසිංහ මහතාගේ සමුගැනීමේ උත්සවය ද අද පෙරවරුවේ පැවැත්විණි.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් නව නාවික හමුදාපතිවරයා වෙත සුභ පතමින් නාවික හමුදාපති ධූරයේ සංකේතවත් අසිපත පිළිගැන්වීමෙන් පසු නව නාවික හමුදා සම්ප‍්‍රදානුකූලව ඒ මහතා ආචාර මැද සිය ධුරයෙන් නික්ම ගියේය.
ඉන් අනතුරුව නව නාවික හමුදාපතිවරයා සර්ව ආගමික වතාවත් මැද සිය ධුරයේ වැඩ බාර ගත්තේය.
එහිදී නව නාවික හමුදාපතිවරයා වෙත විශේෂ සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනැමිණි.
මෙම අවස්ථාවට ඒ මහතාගේ බිරිද වන අරුන්දතී ජයනෙත්ති මහත්මිය හා පුතුන් වන යෙහාන් සහ දුලින ඇතුලු ජ්‍යෙෂ්ඨ නාවික හමුදා සමාජිකයන් රැසක්ම සහභාගි වූහ.