නව නාවික හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි


ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වන නාවික හමුදාපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දී හමුවිය.

නාවික හමුදාධිපතිතුමන් ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හමුවූ  පළමු   අවස්ථාව  මෙයයි.

මෙහිදී නාවික හමුදාධිපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර  පළමු නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.

 03 04