නව නායකයා මහේල


ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නව නායකයා ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත්කර ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් උප නායකයා ලෙස තව දුරටත් කටයුතු කරයි. ශ්‍රී ලංවෙන් විහිවූ විශිෂ්ටම පිතිකරුවකු වන මහේල ජයවර්ධන මීට පෙර 2004 වසරේ සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළේය. එම කාලය තුළ මහේලගේ නායකත්වයෙන් ටෙස්ට් තරග 28 කින් තරග 15 ක් ජය ලබා තරග 7 ක් පරාජයට පත්ව තිබේ. මහේල එක්දින තරග 94 කදී ශ්‍රී ලංකා පිල මෙහෙයවමින් තරග 54 ක් ජය ලබා තිබේ.