නව දුම්රිය මැදිරි 75ක් හා සුඛෝපභෝගී බස් 37ක් ගෙන්වීමට පියවර


(ඩයනා උදයංගනී)
 

ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා නව මගී මැදිරි 75ක්, බහාලූම් ගැල් 20 ක් සහ ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37 ක් ලබාගැනීමට ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ අනුව උඩරට දුම්රිය මාර්ගයන්හි දුම්රිය සේවා සඳහා අඩි 50 ප‍්‍රමාණයේ දුම්රිය මැදිරි 75 ක් සහ බහාලූම් ගැල් 20 ක් ද ඉන්දුනීසියානු අපනයන හා ආනයන බැංකුවේ මූල්‍ය සහාය යටතේ ලබාගැනීමට නියමිත අතර සුඛෝපභෝගී බස් රථ කල්බදු පදනම යටතේ ලබාගැනීමට නියමිතය.

පොදු ප‍්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප‍්‍රවාහන සේවාවක් ඇතිකිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත එම දුම්රිය මැදිරි හා බස්රථ ගෙන්වීමේ කොන්ත‍්‍රාත්තුව පිරිනැමීම සඳහා ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වී තිබේ.