නව කැබිනට් ප්‍රකාශකවරු තිදෙනෙක්


(අජන්ත කුමාර අගලකඩ)

ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කැබිනට් ප්‍රකාශක ලෙසත් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා සහ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු සම කැබිනට් ප්‍රකාශවරු ලෙස පත්කරනු ලැබ සිටිති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම පත්වීම සිදුකර ඇත.

වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මීට පෙර පැවැති  තාවකාලික ආණ්ඩුවේද සම කැබිනට් ප්‍රකාශක ලෙස කටයුතු කළේය.