නව රජයේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් අද (23) ජනාධිපති මෛත්‍රපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවන් පැවැත්වීමට නියමිත බැව් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මෙම කරුණ සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ,හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මිය සමඟ ද සාකච්ඡා පවත්වා ඇතැයි දැනගන්නට ලැබේ. බොහෝ දුරට මෙම කැබිනට් මණ්ඩලය එළැඹෙන සතියේ ප්‍රකාශයට පත් කෙරෙණූ ඇතැයි ද එම දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
මේ අතර නව රජයේ අමාත්‍ය මණ්ඩලය හතලිස් දෙනකුට නොවැඩි වනු ඇතැයිද එහි අමාත්‍ය ධූර 19ක් එක්සත් ජාතික පක්ෂයටද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමාත්‍ය ධූර 16ක් ද පිරිනැමීමට නියමිත යැයි වාර්තා වේ. කැබිනට් මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීම අද (23) අවසන් කිරීමටද නියමිතය.

