(සුජිත් හේවාජුලිගේ )
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡා කෙරුණූ කරුණුවලට අදාළව සැකසුණු දළ කෙටුම්පතක් බදාදා (18) රැස්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
දැනට ඉදිරිපත්ව ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව හා අනු කමිටු හයේ වාර්තා පදනම් කරගෙන මෙම දළ කෙටුම්පත සකස් කළ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුවේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.
ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ දැක්වු වෙනස් අදහස් පිළිබඳ සටහනක් ද ඇතුළත් කර සැකසු මෙම දළ කෙටුම්පත ඉදිරි සාකච්ඡා සඳහා පදනම් කර ගන්නා ලියවිල්ලකැයි වික්‍රමරත්න මහතා වැඩිදුරටත් කීය.