නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි


නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා අද (06) ජනාධිපති නිල නිවසේ දී  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ජනාධිපති ඉදිරියේ දිවුරුම් දුන්නා ය.

( ඡායාරූප :  ජනාධිපති මාධ්‍ය අංශය )