නව අගවිනිසුරු දිවුරුම අඟහරුවාදා 12න් පසු


නව අගවිනිසුරු වශයෙන් මොහාන් පීරිස් මහතා අඟහරුවාදා (15)පස්වරු 12න් පසු මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ   දිවුරුම් දී වැඩ බාර ගැනීමට නියමිතය.

ව්‍යවස්ථා සභාව හෙට උදේ රැස්වී නම තීරණය කැර ජනපතිට දැනුම්දෙනු ඇත.

ධුරයෙන් පහකැරුණු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය  කවර තීරණයක් ගනීදැයි දැනගන්නට නැත.