(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාට එරෙහිව රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
නලීන් බණ්ඩාර මහතා ඉකුත් 17 දින කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සහරාන් හසීම් හා තමා සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ වලට එරෙහිව සුරේෂ් සලේ මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි .
මෙම ලිඛිත පැමිණිල්ල ඒ මහතා ඊයේ (18) වරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ අතර අද (19) ඒ සම්බන්ධයෙන් ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබුණි

