නරේන්ද්‍ර මෝදි මාර්තු 13 ලංකාවේ


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මාර්තු 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කීවේය.

අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව දැනුම්දුන් අමාත්‍යවරයා ඉන්දීය අගමැති 13 වැනිදා පැමිණ 15 වැනිදා තෙක් මෙරට රැඳීසිටීමට නියමිත බවද පැවසීය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වනු ඇත.