නරක නම නැති කරන්න ටෝනි බ්ලෙයාර් පෙරමුණේ


ශී‍්‍ර ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ ඇති දුර්මත නිවැරැදි කිරීමට පෙනී සිටින බව හිටපු බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් පවසයි.

පෞද්ගලික සංචාරයක් ස`දහා මෙරටට පැමිණි බ්ලෙයාර් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයයේදී මෛතී‍්‍රපාල සිරිසේන ජනපති හමු වූ අවස්ථාවේදි මේ බව ප‍්‍රකාශ කළේය.

අගෝස්තු 17 වැනිදා මැතිවරණය ඉතා සාමකාමී නිදහස් සහ සාධාරණ ලෙස පැවැත්වීම ගැනද බ්ලේයාර් මහතා ජනාධිපතිට සිය ප‍්‍රසාදය පළ කළේය.

රටට නිසි රාජ්‍ය නායකත්වයක් ලබා දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංහි`දියාව ගොඩනැ`ගීමට ජනාධිපති ගෙන යන වැඩපිළිවෙළද ඔහුගේ ඇගයීමට ලක් විය.

බ්ලෙයාර් පදනමේ ජාත්‍යන්තර වැඩසටහන් වලදී ශී‍්‍ර ලංකාව සමග එක්ව කටයුතු කිරීමේ හැකියාවද හෙතෙම ජනාධිපතිට පැහැදිලි කළේය.

ශී‍්‍ර ලංකාවේ සංචාරක කර්මාන්තය ලබා ඇති දියුණුවද අගය කළ බි‍්‍රතාන්‍ය හිටපු අග‍්‍රාමාත්‍යවරයා එහි ප‍්‍රවර්ධනය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවද ප‍්‍රකාශ කළැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.