නයිවල ඇගලුම් කර්මාන්ත ශාලාවක් වසා දමයි


( ටෝනි කරුණානායක ) 
 
නයිවල ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන්  28 දෙනෙකු කොවිඩි 19 ආසාධිතයන් බවට හදුනා ගැනිමෙන් අනතුරුව එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට කටයුතු කල බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍ය්ලය පවසයි .

එම ආසාධිතයන් 28 දෙනා ලගින්ම ඇසුරු කළ ආශ්‍රිතයන් 145 දෙනෙකු නිවෙස් තුලම නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කළ බවත් කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවක සේවිකාවන් 540 දෙනෙකු පී .සී.ආර් . පරික්ෂණය සදහා යොමු කර ඔවුන්ව දනිවෙස් තුලම නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කල බව මිනුවන්ගොඩ  පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අරුණ රන්දෙණිය මහතා අද (05) පැවසීය .
 
කර්මාන්ත ශාලාව විෂබීජ හරනය කිරීමට නියමිත බව ද නිරෝධායනය සදහා යොමු කර ඇති අයවලුන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස නිරෝධායනය සදහා යොමු  කර ඇති  අයවලුන් පදිංචි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ව දැනුවත් කල බවත් පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක අරුණ රන්දෙණිය මහතා  වැඩ්දුරටත් පැවසීය .