නයි සුරතලා යළි නයි නළඟන ළඟට
කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානිට (25) ඇගේ නයා බැඳුම්කරයක් මත බාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා දෙහිවල සතුන්වත්තේ අධ්‍යක්ෂට අද නියෝග කළේය.
සත්ව හිංසා පනය යටතේ කොල්ලුපිටිය පොලීසිය ඇයට එරෙහිව චෝදනා ඉදිරිපත් කළේය. එම චෝදනා නොපිළිගන්නා බව ඇගේ නීතීඥවරු කියා සිටියහ.
පසුගිය අගෝස්තු මාසයේ කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ විස දළ ගැලැවූ නයකු සමග මත් ගතියෙන් සිටියදී කොල්ලුපිටිය පොලීසිය ඇය අත්අඩංගුවට ගත්තාය.
නඩුව ජනවාරි 10 වැනිදාට කල් තැබිණි.

