නයි නළඟනට 100ක් දඩ


නාගයකු ළග තබාගෙන සත්ත්ව හිංසනය කළැයි වරද පිළිගත් කොල්ලුපිටිය ක්ලියෝපැට්‍රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානිට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් සියයක දඩයක් හා තුන් මාසයක සිරඳඩුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවීය.

මෝසමකින් ඇගේ නීතීඥ කිංස්ලි හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ නඩුව තවදුරටත් නොපවත්වන බවයි. ඇය වරද පිළිගන්නා බව ද ඔහු කීවේය.

ඒ අනුව ඇය නාගයකු ළඟ තබා ගැනීමෙන් සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ දෙකේ එක වගන්ති කඩ කිරීමෙන් වරදක් කර ඇතැයි උසාවිය තීරණය කළේය.

නාගයා දැනට ඇය භාරයේ ඇත.