නන්දිමිත්‍ර නාවුලදී හූවෙන් නා ගනී


දැන් පැවැත්වෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවන නාවුල සන්ධාන රැලියට එකතුවූ ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතාට එහි සිටි පිිරිස නොනවත්වා හූ හඬ නැගූ බව කියති.

මහින්ද රාජපක්ෂ මහතා දෑත් ඔසවා හූ හඬ නවත්වන ලෙස ඉල්ලා සිටියද පිරිස එයට අවනත නොවූයේ නැත. 

එහි පැමිණ සිටින පිරිස තවමත් හූ හඬින් ඇමැතිවරයාට සංග්‍රහ කරන බව කියති.

හූ හඬ මධ්‍යයේම රැස්වීම ඇමතූ නන්දිමිත්‍ර ඒකනායක මහතා පැවසූයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හූ කිවූ බවයි.

‘හූ කිවු අයට ඇහෙන්නත් එක්ක මම මේ කියන්නේ, අනිවාර්යයෙන්ම අගෝස්තු 18 වැනිදාට මේ රටේ අගමැති වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතායි‘ යනුවෙන් ප්‍රකාශ කළ ඒකනායක මහතා තම කථාව අවසන් කළේය.

එහි රැස්ව සිටි ජනතාව ඇමතූ මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේ තමාගෙන් ඇති තරම් පළිගන්නා ලෙසත් ජනතාවගෙන් පළිනොගන්නා ලෙසත්ය. තමාට පළිගැනීම් හොඳට හුරු පුරුදු බවත් එහිදී රාජපක්ෂ මහතා පැවසීය.

IMG_20150726_181113549 IMG_20150726_184219590 IMG_20150726_190450790 IMG_20150726_190455526 IMG_20150726_190510374 IMG_20150726_190515314 IMG_20150726_190520620 IMG_20150726_190533528 IMG_20150726_193606078

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා