(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
තවත් හිටපු අභාවප්‍රාප්ත මන්ත්‍රීවරුන් හය දෙනෙකු වෙනුවෙන් ශෝක යෝජනා විවාදයක් ලබන 22 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
මේ ශෝක යෝජනා විවාදය පැවැත්වෙන්නේ මහාචාර්ය තිස්ස විතාරණ,නන්දන ගුණතිලක,එස්.සී මුතුකුමාරණ , චන්ද්‍රදාස ගලප්පත්ති,, ජනක මහේන්ද්‍ර අධිකාරී සහ ටී කනගසබේ යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙනි.
පාර්ලිමේන්තුව ලබන 19 වැනි දා සිට 22 වැනිදා දක්වා පැවැත්වේ.

