(රවින්ද්‍ර ලියනගේ )
වෙන්නප්පුව දකුණු උල්හිටියාව ප්‍රදේශයේ නිවසක අද (25) පැවති නත්තල් සාදයකදි නිවසේ හිමිකරු සහ නිවසට පැමිණි පිරිසක් අතර ඇති වූ ගැටුමකදි නිවෙස් හිමිකරු ස්වංක්‍රිය ගිනි අවියක් පෙන්වා බෙල්ලට පිහියකින් ඇණ තම ඥාති මාමා කෙනෙකුට බරපතල තුවාල සිදුකර තිබේ.
සිද්ධියට සම්බන්ධ දකුණු උල්හිටියාව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සැකකරු සිද්ධියත් සමඟ ප්‍රදේශය අතහැර ගොස් තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලැබු පුද්ගලයා මාරවිල මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

