නත්තල් සාදය මරණයෙන් කෙළවර වෙයි


(ඉන්දිකා රාමනායක)

මට්ටක්කුලිය පොකුණුවත්ත ප්‍රදේශයේ දී පැවැත්වූ නත්තල් සාදය කින් අනතුරුව තරුණයකුට පිහි ඇනුමකට ලක්ව මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මිය ගිය තරුණයා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි (22) හැවිරිදි පුද්ගලයෙකි.

තරුණයා නත්තල වෙනුවෙන්  මිතුරන් සමඟ මත්පැන් සහ දෙයක්ම සාදයක් පවත්වා ඇති අතර එහි සිටි තරුණයකු සමග ඇති වූ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඔහු තරුණයාට පිහියෙන් ඇන ඇති බව පොලීසිය කියයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මට්ටක්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.