නත්තල වෙනුවෙන් සිරකරුවන් 510 කට ජනපති සමාව


(අමල් වික්‍රමරත්න/ ප්‍රේමතිලක ද සිල්වා)

අදට යෙදෙන නත්තල් දිනය නිමිත්තෙන් සිරකරුවන් 510 දෙනෙකුට ජනපති පොදු සමාව යටතේ  නිදහස දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව බන්ධනාගාරගතව සිටි සහ එළිමහන් සිර කදවුරු තුළ සිටි සිරකරුවන් පිරිසක් නිදහස් වීමට නියමිතබව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා පැවසීය.

 

කිතුනු සිරකරුවන්ට තම ඥාතීන් සමග සමීප වීමටද අද දිනයේ අවස්ථාව දීමට රටපුරා පිහිටි රැදවුම් මධ්‍යස්ථාන සහ බන්ධනාගාර තුලදී වැඩසටහන් ක්‍රියාත්මක බවද උපුල් දෙනියා මහතා පැවසීය

ඡායාරූප - ප්‍රේමතිලක ද සිල්වා