යුද්ධයේ අවසන් දිනවල දී වෙල්ලමුල්ලිවයික්කාල්හි දී රජයට බාරවූ බව කියන නඩේසන් හා පුලිදේවන් ඇතුළු කොටි නායකයන්ට වූ දේ ගැන ඔවුන්ගේ ඥාතීන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ දී හෙළිදරව් කිරීමේ රැස්වීමක් ලබන බදාදා (24) පැවැත්වෙන බව හින්දු පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කරයි.
බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය, එක්සත් ජනපද ද්‍රවිඩ ජන ආරක්ෂණ සංගමය හා එක්ව පී.එම්.කේ. නායකයින් මෙහෙයවන ‘පසුමෙයි තායගම්‘ සංවිධානය මෙය සංවිධානය කරන බව ද හින්දු පුවත්පත් වාර්තාවේ දැක්වේ.

