නඩුව ඇසූ විනිසුරු දෙන්නාට ‘හලෝ‘ තර්ජන


අගවිනිසුරුවරිය ගොනු කළ පෙත්සම විභිග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ අනිල් ගුණරත්න හා කේ ස්කන්ධරාජා යන විනිසුරනට දුරකතනයෙන් බැණ තර්ජනය කළැයි කියන පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය බොරැල්ල පොලීසියට හා බම්බලපිටිය පොලීසියට නියෝග කළේය.

දුරකතන අංකවල විශ්ලේෂණ වාර්තා පොලිසියට නිකු කරන ලෙස අධිකරණය දුරකථන සමාගම්වලට නියෝගයක් ද කැරිණි.

මෙම තර්ජන සම්බන්ධයෙන් විනිසුරු අනිල් ගුණරත්න මහතා බොරැල්ල පොලීසියට කළ පැමිණිලි ද අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය හමුවේ ද, ශ්‍රී ස්කන්ධරාජා මහතා බම්බලපිටිය පොලීසියට කළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා හමුවේ කැඳවා තිබිණි.