
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරුදින ප්‍රහාරයේ චූදිතයන් තිස් දෙනෙකුට එරෙහිව නඩු නවයක් පවරා ඇති බවත් අනෙකුත් චූදිතයන්ට ද කඩිනමින් නඩු පැවරීමට කටයුතු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය .
නඩු පැවරීම තරමක් ප්‍රමාද වන්නේ ඊට අදාළ විමර්ශන සූක්ෂමව කළයුතු නිසා යැයි ද ඔහු කීය .
ඇමතිවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි .

