(ඩයනා උදයංගනී)
බන්ධනාගාර ගත කර සිටින එල්.ටී.ටීඊ රැඳවියන් අතුරින් ඉදිරි නීතිමය පියවර ගැනීමට නොමැති අය සිටී නම් , ඔවුන් නිදහස් කළ යුතුයැයි සම කැබිනට් ප‍්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා (11) පැවසීය.
නීති පියවර ගැනීමට නොමැති අය නිදහස් කිරීමේ ගැටළුවක් නැතැයි කී අමාත්‍යවරයා අතීතයේ සිට ඇතිවූ ගැටුම් සැලකිල්ලට ගත් විට එසේ නිදහස් කළ අයගෙන් හානියක් වී නැතැයි ද ඇමතිවරයා සදහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ දෙවනි කැරැල්ලේ දී ඊට විරුද්ධ මතවාදය ගොඩ නැගුවේ පළමු කැරැල්ලෙන් නිදහස් වූ අය බව කී අමාත්‍යවරයා එල්.ටී.ටී.ඊය සම්බන්ධවත් තත්ත්වය එසේ බව කාන්තා කොටි නායිකාවන් ලියූ කෘතිවලින් පෙනෙන්නේ යැයි කියා සිටියේය.
යුද්ධය නිමා වී වසර 8ක් ගත වූ පසුවත් මෙවැනි අය රැඳවියන් ලෙස තබාගැනීම අන්තවාදීන්ට පසුබිම ගොඩනගාදීමක් බවද ඇමති රාජිත සේනාරත්න මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

