නඩු කටයුතු අවසන් කෝටි හතක මත් පෙති වනසයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නඩු කටයුතු අවසන් වු රුපියල් කෝටි හතකට ආසන්න වටිනාකමකින් යුත් මත් පෙති හා කේරළ ගංජා තොගයක් හලාවත අංක 1 මහෙස්ත්‍රාත් අයි.පි.අයි.විමල් විරසිංහ මහතා ඉදිරියේදි වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත දහන උදුනේදි ගිනි තබා විනාශ කළේය.

හලාවත අධිකරණ බල ප්‍රදේශයේදි 2021 වසරේ නඩු කටයුතු අවසන් වු මත් පෙති කරල් 216,000 ක් හා කේරළ ගංජා කිලෝ 221 කයි ග්‍රෑම්ස් 200 ක් ක රුපියල් කෝටි හතකට ආසන්න ( ලක්ෂ 700) ක් වටිනාකමින් යුත් නීති විරෝධ මත් පෙති හා කේරළ ගංජා තොගයක් බව කියයි.

අදාල මත් පෙති හා කේරළ ගංජා සම්බන්ධයෙන් අධිකරණ කටයුතු අවසන් විමේන් පසු මෙලෙස ලැක්ටෝ වත්ත දහන උදුනේ දමා විනාශ කිරීම සිදුවිය.