නඩු අහන අතරේදීම සිම් 9 ක් සැඟවූ දුම්කොළ පාර්සලය සැකකරු අතට


(නිමන්ති රණසිංහ)


කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සිදුවන අතරතුරදී දුරකතන සිම් කාඩ්පත් නවයක් සහිත දුම්කොළ පාර්සලයක් සැකකරුවකුට දී තිබේ. එහෙත් මෙම දුම්කොළ පාර්සලය සැකකරුට දෙන අවස්ථාවේදීම අදාළ තැනැත්තාව කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 

අත්අඩංගුවට ගත් පුද්ගලයා ඔක්තෝබර් 2 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (17) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සීනිවත්ත, අලූත්ගම පදිංචි මොහොමඩ් තාහීර් මොහොමඩ් මුහුසීන් නම් පුද්ගලයෙකි. 

බේරුවල මුහුදු සීමාවේදී රුපියල් කෝටි 277කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 231ක් ජාවාරම් කළැයි කියන සිද්ධියේ දෙවැනි සැකකරු වන මොහොමඩ් රිස්වි මොහොමඩ් පර්ෂාන් නැමැත්තා වෙත තාහීර් මොහොමඩ් මුහුසීන් විසින් විවෘත අධිකරණය තුළදී දුරකතන සිම්පත් 9 ක් ඇතුළත් දුම්කොළ පාර්සලය ලබාදී ඇත.