නඩු 500ක තොරතුරු පොත් හොයයි


අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පන්සීයක අස්ථානගතවූ තොරතුරු පොත් දහසක් පිළිබඳව මසක් ඇතුළත විධිමත් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාට නියෝග කළාය.

2007 වසරේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් සිව් දෙනකුගේ කාලය තුළ මේ දක්වා තොරතුරු සටහන් පොත් දහසක් අස්ථාන ගතවී ඇතැයි සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයට දැන්වීය.