නඩත්තු නැති තේ වතුවල ගිවිසුම අවසන් කරයි


(අංජුල මහික වීරරත්න)

නිසි ලෙස තේ වතු නඩත්තු නොකරන වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය  අවසන් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

රජයට අයත් තේ වතු කළමනාකරණය පෞද්ගලික  අංශයේ වැවිලි සමාගම් වලට බදු පදනම යටතේ පවරා දී තිබේ.  

නමුත්  බොහෝ වැවිලි සමාගම් තමන් විසින් බාර ගත් තේ වතු නිසි පරිදි නඩත්තු නොකරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබේ.

 තේ  වගාවන් සඳහා  පොහොර යෙදීම රජය විසින් අනිවාර්ය කර ඇති අතර ඒ සඳහා සහනාධාර පදනම යටතේ තේ පොහොර ලබා දීමට ද පියවර ගෙන ඇතැයි අමාත්‍යාංශය පවසයි.

මෙම සහනාධාරය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් රුපියල් මිලියන 12,000ක මුදලක් වැය කරයි. අවශ්‍ය තරම් තේ පොහොර ද රජයට අයත් පොහොර සමාගම් මගින් නිෂ්පාදනය කර සපයා දී තිබෙන බව අමාත්‍යාංශය කියයි.