නගර සභා රියදුරෝ ඇඟිල්ල ගහන්න බෑ කියති


වැඩ අවසානයේ පිටවී යාමේදී ඇඟිලි සලකුණු සටහන් යන්ත්‍රයේ ඇඟිලි සලකුණ තැබිය යුතු යැයි යන නියමයට විරෝධය පාමින් කොළඹ මහ නගර සභා රියදුරෝ අද උද්ඝෝෂණයක් කළහ.

නාගරික කොමසාරිස් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් සෑහීමකට පත්විය නොහැකි බව කියමින් ලබන 5 වැනිදා සිට තමන් අකුරට වැඩ කරන බවද ඔවුහු පවසති.

පැමිණීම හා පිටවීම සටහන් කිරීමෙන් පසුව සිදුවන අනතුරුවලට හා ඔවුන් පදවන වාහනවල ගමන්ගන්නා අය සම්බන්ධයෙන් වගකිව යුතු බව නාගරික කොමසාරිස් වී.කේ.ඒ.අනුර මහතා කියයි.

muncipal-council_2015102 muncipal-council_20151022 muncipal-council_20151023