නකල්ස්වල බිම් අඟලක්වත් ආයෝජකයින්ට ලබා දී නැහැ‘


( අංජුල මහික වීරරත්න)


නකල්ස්  රක්ෂිත සංවේදී කලාපයේ  එක් බිම් අඟලක්වත්  ආයෝජන  ලබා දී ඇත්නම්  පෙන්වන ලෙස රාජ්‍ය  ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය   ලක්ෂ්මන් කිරිඇල්ල  මහතා  මාධ්‍ය හමුවකදී අද (07) අභියෝග කළේය.


රක්ෂිත සීමාවෙන් පිට  රජයේ  වතු වලට අයත් හිස් භූමි වල පරිසර හිතකාමී කෘෂි කාර්මික ව්‍යාපෘති සහ කිරි ගවයින් ඇති කිරීම වැනි සත්ව පාලන ව්‍යාපෘති පමණක් ඇරැඹිමට යෝජනා ලබාගෙන  තිබෙන බව කී අමාත්‍යවරයා නකල්ස් රක්ෂිතයේ  බිම් අඟලක්වත් විනාශවීමට ඉඩ නොතබන බව අවධාරණය කළේය.

 නකල්ස් රක්ෂිතය ආශ්‍රිත ඉඩම් පෞද්ගලික අංශයට පවරා දීම පිළිබඳව එල්ල වන චෝදනා  වලට පිළිතුරු දීම සඳහා  කැඳවා  තිබු මෙම මාධ්‍ය හමුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.

 

(ඡායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක)