නකල්ස් රක්ෂිතය නැරඹීමට ගොස් අතරමංවූ තරුණයින් 7 දෙනා පොලිස් ස්ථාන 4ක නිලධාරීන් එක්ව සිදු කළ මෙහෙයුමකින් අනතුරුව සොයා ගත් බව පන්විල පොලිසිය කියයි.
මෙලෙස නකල්ස් රක්ෂිතයේ අතරමංවී ඇත්තේ පනාගොඩ - මීගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසක් වන අතර පසුගියි 6 වැනිදා මොවුන් නකල්ස් රක්ෂිතයට ඇතුල් වී තිබේ.
සන්නිවේදනය බිඳ වැටීම හේතුවෙන් මෙලෙස ඔවුන් අතරමං වී ඇති බව පරීක්ෂණ සිදු කරන පන්විල පොලිසිය කියයි.
නකල්ස් රක්ෂිතයේ අතරමංවූ 7 දෙනාගේ දිවි බේරෙයි
Recommended Articles