ක්වාලාලම්පූර්හිදීය/ටෝකියෝහිදීය (රොයිටර්)
තමන් අවුරුද්දක් හෝ දෙකක් අග්‍රාමාත්‍යධුරයේ රැඳී සිටින බව මැලේසියාවේ නව අග්‍රාමාත්‍ය මහතීර් මොහොමද් අද (15) ප්‍රකාශ කළේය. සිරභාරයේ පසුවන මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහීම් හෙට (16) නිදහස ලබන බව ද නව අගමැති මහතීර් මොහොමද් කීවේය.
තමන් වැඩි කලක් අගමැතිධුරයේ කටයුතු නොකරන බවත් තනතුර අන්වර් ඊබ්‍රහීම් ට ලබාදී තමන් ඉවත් වන බවත් මහතීර් මොහොමද් මීට පෙර පැවැසීය.
කෙසේ නමුත් කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් මහතීර් මොහොමද් සහ අන්වර් ඊබ්‍රහීම් දෙදෙනා වෙනස් අදහස් දරන බව වාර්තා වේ.
මෙම ආරවුල නිරවුල් කරමින් තමන් වසරක් හෝ දෙකක් අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරන බව මහතීර් මොහොමද් කීය.
මහතීර් මොහොමද් සහ අන්වර්ගේ නායකත්වයෙන් යුතු පක්ෂ හතරකින් සමන්විත සන්ධානයක් වූ ‘පකතාන් හරපාන්’ සන්ධාන පක්ෂ මහ මැතිවරණයෙන් ජය ලැබුවේ මහතීර් මොහොමද් ප්‍රජාතන්ත්‍රවාදීව ලොව තේරී පත්වූ ලොව වයස්ගතම නායකයා බවට පත් කරමිනි. එමෙන්ම නිදහසින් පසු අඛණ්ඩව බලයේ සිටි ‘බරිසාන් නැෂනල්’ පක්ෂය මැතිවරණයකින් පරාජයට පත්වූ පළමු අවස්ථාව ද මෙය විය.
“මුල් අවධියේදී ඇතැම් විට මුල් වසරේදී දෙකේදී මම අග්‍රාමාත්‍යධුරයේ කටයුතු කරනවා” යැයි ජපානයේ පැවැති ‘වෝල් ස්ට්‍රීට් ජර්නලයේ’ ප්‍රධාන විධායක නිලධාරී සමුළුව ක්වාලාලම්පූර් සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් මහතීර් කීය.
055
ධූරයේ ඉන්නේ ටික කාලයයි - මහතීර් මොහොමද්
Recommended Articles