මනෝප්‍රිය ගුණසේකර
ජනාධිපතිවරයා ලෙස තමාට කටයුතු කළ හැක්කේ වසර හයක් ද එසේ නැතිනම් වසර පහක් ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විමසා ඇත.
එම ඉල්ලීම සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු විමසීමට නියමිතය.
තමා බලයට පත් වන විට පැවැති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු හයක් බව ද, 19 වැනි සංශෝධනය අනුව එය අවුරුදු පහක් දක්වා අඩු කළ බව ද දැනුම් දුන් ජනාධිපතිවරයා මේ තත්ත්වය මත තමන්ට ජනාධිපති ධුරයේ කටයුතු කළ හැක්කේ වසර හයක කාලයක්ද එසේ නැතිනම් වසර පහක කාලයක් ද යන්න පිළිබඳව විමසා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය තමන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී විසින් නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතාට මේ පිළිබඳව කළ දැනුම් දීමකට අනුව නීතීඥ සංගමයේ සාමාජික සාමාජිකයින්ට මේ සම්බන්ධයෙන් දැනුම්වත් කළ සිල්වා මහතා මෙම පෙත්සම විමසීමට ගන්නා අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිට අවශ්‍ය නම් කරුණු ඉදිරිපත් කිරීමට හැකි බව ද දැනුම් දී ඇතැයි වාර්තා වේ.

