ධීවරයෝ 19ක් ගෙදර එති


ඉන්දීය මුහුදු සීමා ආක‍්‍රමණය කිරීම නිසා ඉන්දියාවේ ඔරිස්සා ප‍්‍රාන්තයේදී අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලාංකික ධීවර කාර්මිකයින් 19 දෙනකු නිදහස්වී  ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි. දෙවිනුවර, මිරිස්ස, හලාවත,හා බේරුවල යන ප‍්‍රදේශවලින් මුහුදු ගිය ඔවුහු 2011 ජුලි 25 හා 26 යන දිනවලදී ඉන්දියා අත්අඩංගුවට පත්වූහ.