ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්


(ඩී.ජී.සුගතපාල)
ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය ධිවර යාත්‍රාවක සිටි ධීවරයෙකු අද (15) මුහුදට වැටි  අතුරුදහන්ව  තිබේ.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ වලහන්දුව ප්‍රදේශයේ පිදිංචි 29 හැවිරිදි ධීවරයෙකි.

පසුගිය 3වැනි දින තවත් ධීවරයින් 6දෙනෙකු සමග බහුදින යාත්‍රාවකින් අතුරුදහන් වූ  ධීවරයා මුහුදු ගොස් ඇති අතර ඔවුනගේ යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්විම නිසා තවත් බෝට්ටුවක් එය ඇදගෙන ඒමට ගිය අවස්ථාවේ ගාල්ල ධීවර වරායේ සිට නාවික සැතපුම් 18ක දුරකදී  ඔහු මුහුදට වැටි මෙසේ අතුරුදහන්ව ඇත.

සෙවීම් කටයුතු මේ වනවිටත් සිදු කරගෙන යන බව වරාය පොලිසිය පවසයි.