ධීවරයාගේ බිරිය ගිය පයින් එයි
හලාවත දී පොලිස් වෙඩි පහරින් මියගිය ඇන්ටන් ප‍්‍රනාන්දු (32) ධීවර කාර්මිකයාගේ බිරිය නිලූකා සුදර්ශනී (30) අබුඩාබියේ සිට අද අලූයම කටුනායකින් සිය රට පැමිණියාය.
හඬා වැටෙමින් ගුවන් තොටෙන් එළියට ආ ඇය මිනිත්තු කිහිපයක් කිසිත් කතා කැරගත නොහැකිව සිටියාය
මාසයකව පමණ පෙර රැකියාවට ගියේ දරු දෙන්නාට උගන්වා ගැනීම සඳහා බවත් ඒ වෙනුවෙන් කණකර උගස් කැර රුපියල් ලක්‍ෂ එක හමාරක් ද ණය වූ බවත් ඈ කීවාය.

