ධීවරයා හුළුගල්ල ජලාශයට බිලි


(ප්‍රියාණි මංගලිකා )         

නිකවැරටිය  ,හුලුගල්ල  , ජලාශයේ  ,ධීවර කටයුතු සඳහා  දියඹට ගිය  ධීවරයෙකුගේ (50)  සිරුර සහ ඔරුව   දියඹේ  පාවෙමින්   තිබියදී සොයා ගත්  බව නිකවැරටිය  පොලීසිය  පැවසීය.

මෙලෙස  මියගොස්  සිටියේ  ,හුලුගල්ල  නිකවැරටිය   ලිපිනයේ පදිංචි  ඩබ්.එම්.කරුණාරත්න  නැමති දෙදරු  පියෙකි.

මොහු පෙර දින රාත්‍රියේ ධීවර කටයුතු සඳහා  තනිව ඔරුවේ   නැගී  ජලාශයේ  දියඹට ගොස්   ඇති බව  පරීක්ෂණ වලදී අනාවරණය වී   ඇති බව  පොලීසිය සඳහන්  කරයි.

උදෑසන ධීවර කටයුතු සඳහා   මරුවක  නැගී දියඹට  ගිය  වෙනත්  ධීවරයන් පිරිසක් මෙම ධීවරයා මියගොස් සිටි අයුරු දැක ඇතැයි පොලීසිය කියයි.