ධීවරයන්ට සහන මිලට ඉන්ධන 18 වැනි දා සිට



ආරියරත්න රණබාහු
 
ධීවර ජනතාවට සහන මිලට ඉන්ධන ලබාදීම මේ මස 18 වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.

මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ඒ සඳහා රුපියල් කෝටි 500ක මුදලක් වැය කෙරේ.

ධීවර ජලජ සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අද (14) පස්වරුවේ එම අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මේ බව පැවසිය.