හර්ෂණ තුෂාර සිල්වා හික්කඩුවේ සිට
ධීවරයින්ට සහ සමෘද්ධිලාභීන්ට සහන මිලකට භූමිතෙල් සහ ඩීසල් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පස්වරුවේ පැවැසීය.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඉහළ යෑම නිසා තෙල් මිල වැඩි කරන්නට සිදු වූ බව ද අග්‍රාමාත්‍යවරයා කීය.
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සිවුමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව කීවේය.