ධීවරයනට තෙල් සහනයක්


ධීවර වරායන්හි පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් ධීවර බෝට්ටුවලට ඩීසල් ලීටරය රුපියල් 103කට ද (රුපියල් 12ක සහනයකි) භූමිතෙල් ලීටරය රුපියල් 81 කට ද (රුපියල් 25ක සහනයකි) නිකුත් කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඩීසල් වලින් ක්‍රියාත්මක බහුදින යාත්‍රා 3858ක් ද, එක්දින ඩීසල් යාත්‍රා 953ක් ද භූමිතෙල් මගින් ක්‍රියාත්මක එක්දින ධීවර යාත්‍රා 21551ක්ද තිබේ.