
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රජයට රුපියල් 5,856,116,00 මුදලක් පාඩු කර දූෂණයක් සිදු කිරීමේ චෝදනාව මත ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර කළමනාකාර අධ්‍යක්ෂකවරයකු සැපයුම් කළමනාකරුවකු හා මෙහෙයුම් කළමනාකරුවකු වන බව පොලිසිය කියයි
2020 වර්ෂයේදී ලංකා ධීවර සංස්ථාව වෙත පැයකට මාළු කිලෝ 2000 ක් වැකුම්කර ඇසුරුම් කළ හැකි තරම් ඉහල ධාරිතාවයකින් යුතු මාළු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව එවැනි දාරිතාවයකින් යුතු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් එම ආයතනයට මිලදී ගැනීමෙන් රජයට රුපියල් 5,856,116.00 ක පාඩුවක් සිදු කර දූෂණයක් සිදුකිරීමේ චෝදනාවක්සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත
එම ක්‍රියාවලියට අදාළව සැපයුම් කළමනාකරු වශයෙන් කටයුතු කරමින් එකී මිලදී ගැනීම වෙනුවෙන් සැපයුම්කාර සමාගම වන යුරෝමේට් ෆුඩ් ටෙක් පුද්ගලික ආයතන වෙත ගෙවිය යුතුව රුපියල් 928.058.20 ක මුදලින් කොටසක් එම ආයතනයට මුදා හැරීම සිදුකරදීම වෙනුවෙන් අල්ලස් ඉල්ලීම හා අල්ලස් වශයෙන් රුපියල් 100.000.00 ක මුදලක් තම පුද්ගලික ගිණුම් වෙත බැර කරවා ගැනීම තුළින් තුටු පඬුරක් ඉල්ලීම හාත්තු පඬුරු භාර ගැනීම යන චෝදනාවට අදාළව සැකකාර සැපයුම් කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇත.

